fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොටැක්ස් මැක්ස් ආසියානු ගෝ කාර්ටින් ශූරතාව එෂාන් පීරිස්ට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 17:00

රොටැක්ස් මැක්ස් ආසියානු ගෝ කාර්ටින් ශූරතාව එෂාන් පීරිස්ට

රොටැක්ස් මැක්ස් ආසියානු ගෝ කාර්ටින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගෝ කාර්ටින් ධාවන ශූර එෂාන් පීරිස් සමත් වුණා. ගෝ කාර්ටින් ධාවන ශූරතා රැසකට හිමිකම් කී එෂාන් පීරිස් ප්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය හා මැලේසියාව යන රටවල ගෝ කාර්ටින් ධාවන ශූරතාවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. වයස අවුරුදු 20 ක් වන එෂාන් මෙම ජයග්‍රහනයත් සමග 2019 ආසියානු ෆෝමියුලා තුන කාණ්ඩයේ තරගාවලියට ද සහභාගිවීමට අපේක්ෂා කරනවා. මැලේසියාවේ පැවති රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා සමස්ත තරගාලියේ දෙවන ස්ථානය සහ එක්ස් 30 ආසියානු ශූරතාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ද එෂාන් පීරිස් සමත් වුණා. මැලේසියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන එෂාන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කරන ලාබාලතම ගෝ කාර්ටින් ශූරයා ද වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 17:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්