Life+News The Official News Portal of Independent Television Network Ltd

සාගල රත්නායක නමින් නිකුත් කළ නිවේදනය සාවද්‍යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:00

සාගල රත්නායක නමින් නිකුත් කළ නිවේදනය සාවද්‍යයි

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක මහතා නිකුත්කර ඇති නිවේදනය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් වැලිවිට මහතා මේ බව සදහන් කළා.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කළා. ජනාධිපතිතුමා අගමැති ලේකම්වරයෙකු ද  පත්කළා. එවැනි තත්ත්වයක් යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක මහතා නිකුත් කර ඇති නිවේදනය කිසිදු වලංගු භාවයක් නැති සාවද්‍ය තොරතුරු ඇතුළත් එකක් බවයි වැලිවිට මහතා පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස හදුන්වා ගනිමින් සාගල රත්නායක මන්ත්‍රීවරයා පෙනී සිටීම මුළුමනින්ම නීති විරෝධී බව රොහාන් වැලිවිට මහතා නිකුත්කළ  නිවේදනයේ දැක්වෙනවා. සාගල රත්නායක නමින් නිලධාරියෙකු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන්නේ නැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්