fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජමාල් කෂෝගි භයානක පුද්ගලයෙක් බව සෞදි රජු කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:45

ජමාල් කෂෝගි භයානක පුද්ගලයෙක් බව සෞදි රජු කියයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි භයානක පුද්ගලයෙකු බව සෞදි රජු වන සල්මාන් කුමරු පවසා තිබෙනවා. ධවල මන්දිරයට දුරකතන ඇමතුමක් ලබා දෙමින් සෞදි රජු මේ බව පවසා ඇති බව වාර්තා වනවා. කෂෝගි අන්තවාදී මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට කටයුතු කළ අයෙකු බවටයි සෞදි රජු චෝදනා කරන්නේ.

පසුගිය ඔක්තෝම්බර් දෙවැනි දා ඝාතනයට ලක්වූ බවට සැක කෙරෙන මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ සිරුර මේ වන තෙක් සොයාගෙන නැහැ. ඝාතනයට සැකපිට සෞදි ජාතිකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒම සැකකරුවන් සෞදි රජ පවුල සමඟ සබදතාවක් ඇත් ද යන්න තවමත් හෙළිව නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්