fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු අගමැතිට ජවිපෙ සහාය නෑ…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 15:02

හිටපු අගමැතිට ජවිපෙ සහාය නෑ…

එක්සත් ජාතික පක්ෂයට සහය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කළා. පක්ෂ කිහිපයක නායකයන් සහ කථානායක කරූ ජයසුරිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. එහිදි පාර්ලිමේන්තුව කැඳවීමට පමණක් සහය දෙන බවයි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කර තිබෙන්නේ. එභෙත් ඇතැම් මාධ්‍ය එය එක්සත් ජාතික පක්ෂයට සහාය දීමක් ලෙස වාර්තා කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරනවා. ඒ ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය නොදෙන බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

හිටපු අගමැතිට එරෙහිව එවකට ගෙන ආ විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය භාවිත කළ පක්ෂයක් ලෙස කිසිසේත් යළි සහාය නොදෙන බව විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කරනවා.

JVP Srilanka ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක් කරමින් විජිත හේරත් මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්