Life+News The Official News Portal of Independent Television Network Ltd

කිං ඛාන් අද උපන්දිනය සමරයි…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 15:01

කිං ඛාන් අද උපන්දිනය සමරයි…

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 53 වැනි ඡන්ම දිනය අදට (11-02) යෙදී තිබෙනවා.

ඒ අනුව මුම්බායි හි පිහිටි සිය නිවසේ දී ෂාරුක් උපන්දින කේක් කපා එය සමරා තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එම අවස්ථාවට ෂාරුක්ගේ පවුලේ උදවිය මෙන්ම හිතවතුන් පිරිසක් ද එක්ව සිටි අතර ඔවුන්ගේ සුබ පැතුම් මත පළමුවෙන්ම ෂාරුක් උපන්දින කේක් කවා ඇත්තේ බිරිද ගෞරි ඛාන් ට යි.

එසේම ෂාරුක්ට සුබපැතීම සදහා ඔහුගේ සිනමා රසික රසිකාවියන් රැසක් නිවස ඉදිරියට පැමිණ ඇති බව ද වාර්තා වෙනවා.

ඔහු උපන්නේ 1965 නොවැම්බර් 02 දීය.

ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශ‍කයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ “දීවානා” (Deewana – 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන තිබෙනවා.

රාජ්, රාහුල්, අමන් වැනි නාමයන් සිනමාවේ දී ෂාරුක්ට චරිත වෙනුවෙන් ලැබුණු ආදරණීය නාමයන් ලෙස හදුන්වන්න පුළුවන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 15:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්