fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරු කිහිපයක්; එක් අයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:01

රිය අනතුරු කිහිපයක්; එක් අයෙකු ජීවිතක්ෂයට

රිය අනතුරු කිහිපයකින් එක් අයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා.

වෑන් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට නිවසක ගේට්ටුව කඩාගෙන යාමෙන් ගේට්ටුව අසළ සිටි මවක සහ දරුවෙකු යටවී තිබෙනවා. අනතුරින් 27 හැවිරිදි  මව මියගියා. අවුරුදු  එකහමාරක් වයසැති දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. නොච්චියාගම ලිදවැව ප්‍රදේශයේ දී අද පෙරවරුවේයි මෙම අනතුර සිදුවුණේ.

අධික වේගය පාලනය කර ගත නැහැකිව බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් අනතුරක් සිදුවුණේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදීයි. මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන්කළ බස්රථය නිවසක ඉදිරිපිට කොටසේ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් තුන් දෙනෙකු තුවාල ලැබුවා. අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ගිලන්රථයක් හා බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පස් දෙනෙකු තුවාල ලැබුවා. පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදීයි අනතුර සිදුවුණේ. හොරණ ප්‍රදේශයේ සිට කළුබෝවිල දක්වා රෝගියෙකු ප්‍රවාහනය කරමින් තිබූ ගිලන්රථයකුයි මෙසේ අනතුරට ලක්වුණේ. තුවාල ලබා ඇත්තේ ගිලන්රථයේ සිටි 4 දෙනෙකු සහ බස්රථයේ සිටි කාන්තාවකයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්