fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය,රනිල් හමුවන්න ගියේ ඇයි?

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 10:02

ගෝඨාභය,රනිල් හමුවන්න ගියේ ඇයි?

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව පිළිබද පෞද්ගලිකව සොයා බැලීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (2018-11-01) අරලියගහ මන්දිරයට ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳව ඊයේ දිනයේ එහි ගොස් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපතිවරණ පරාජයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයෙන් ආරක්ෂාකාරීව ඉවත්වීමට අවශ්‍ය කටයුතු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළා. ඒ ආකාරයෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබඳ ඊයේ අරලියගහ මන්දිරයට ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු කරුණු සොයා බැලූ බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදීත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබඳ ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී සාකච්ඡාකර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීමට ද මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා. හිටපු අග්‍රාමාත්‍යවරයාට හෝ පැවති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හෝ එක්සත් ජාතික පාක්ෂිකයන් කිසිවෙකුට සිදුවූ දේශපාලන වෙනස තුළින් හිරිහැර සහ අඩත්තේට්ටම් සිදුවීමට ඉඩ නොතැබීමටයි එහිදී සාකච්ඡා කෙරුණේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්