fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළුගග සහ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 09:45

කළුගග සහ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමග කළුගග සහ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ලග්ගල නගරය ද ජලයෙන් යටවී තිබෙනවා. භාවිතයෙන් ඉවත් කළ බොහෝ රජයේ ගොඩනැගිලි මෙන්ම නිවාස රැසක් ද ජලයෙන් යටවී තිබෙන ආකාරය දැක ගැනීමට හැකියි. ජලයට යටවූ ප්‍රදේශවල සිටින කුඩා සතුන් ඇල්ලීමේ මෙහෙයුමක් ද ආරම්භකර තිබෙනවා.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ හා ඇලහැර, ලග්ගල වනජීවී නිලධාරීන්, දඹුල්ල පොලීසියේ නිලධාරීන් එක්වයි මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ. ඇතැම් සතුන් දිවි බේරා ගැනීම සදහා දැඩි උත්සාහයක නිරතවන අයුරු දැක ගැනීමට ලැබුණා. බේරා ගන්නා සතුන් ආසන්නයේ පිහිටි කැලෑවලට නිදහස් කරන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්