fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් අමාත්‍යවරු පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 22:53

තවත් අමාත්‍යවරු පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

නව රජයේ රාජ්‍ය ආරක්ෂක, නීතිය හා සාමය සහ තරුණ කටයුතු අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

දුමින්ද දිසානායක මහතා දිවුරුම් දුන්නේ වාරි මාර්ගය ජල කළමනාකාරන හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා දිවුරුම් දුන්නා. තරුණ,කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පියසේන ගමගේ මහතායි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා. එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මොහාන්ලාල් ග්‍රේරු මහතායි. අංගජන් රාමනාදන් මහතා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පළාත් සභා හා පළාත් පාලන මෙන්ම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය වනවා. කම්කරු හා විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඉන්දික බණ්ඩාරනායක මහතා දිවුරුම් දුන්නේ නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කාදර් මස්තාන් මහතා පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා උතුරු සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා දිවුරුම් දුන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 22:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්