fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් හතරකින් ශ්‍රී ලංකාවට නව තානාපතිවරු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 17:00

රටවල් හතරකින් ශ්‍රී ලංකාවට නව තානාපතිවරු

රටවල් හතරකින් ශ්‍රී ලංකාව සදහා නව තානාපතිවරුන් පත්ව සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඔවුන් සිය අක්තපත්‍ර භාර දුන්නා.

ශ්‍රී ලංකාව සදහා නව තානාපතිවරුන් පත්ව සිටින්නේ ඇමෙරිකාව, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්තානය යන රටවලින්. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා නව තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපතිතුමා වෙත ප්‍රථමයෙන් සිය අක්තපත්‍ර භාර දුන්නා. අනතුරුව ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාර දුන්නේ ශ්‍රී ලංකාවේ ජපාන නව තානාපති අකිරා සුගියාමා මහතායි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ නව තානාපතිවරයා ලෙස පත්ව සිටින එරික් ලැවර්ටු මහතාද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර භාර දුන්නා. ශ්‍රී ලංකවේ ඇෆ්ගනිස්ථාන නව තානාපති ලෙස පත්ව සිටින්නේ අශ්රෆ් හයිදාරි මහතායි. ඒ මහතාද ජනාධිපතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදීම සිදු කළා. විදේශ අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්