fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පීඩාවට පත් ජනතාවට උපරිම සහන දෙන බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:24

පීඩාවට පත් ජනතාවට උපරිම සහන දෙන බව අගමැති පවසයි

විදේශීයකරණය මුළුමනින්ම නතර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. පීඩනයට පත් ජනතාවට ද උපරිම සහන ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සදහන් කලේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග පැවති හමුවකදීයී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෘදයාංගම සුබපැතුම් පිරිනැමුණා. මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශේෂඥ සේවය ලබාගැනීම පිළිබඳව පුලුල් ලෙස සාකච්ඡා කෙරුණා. රට ප්‍රපාතයට යෑම වළක්වාගෙන රටේ සංවර්ධනය මනා ලෙස සිදුකරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියා. බදුබරින් පීඩාවට පත් ජනතාවට සහන ලබාදෙමින් පුලුල් සැළැස්මක් යටතේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර පාකිස්තාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතාද අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණගැසුනා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි. වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්