පන්දුවාර 20-20 කාන්තා ක්රිකට් ලෝක කුසලානයට එක්වන ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාත්රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන පන්දුවාර 20-20 කාන්තා ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කරන්නේ ඒ කාණ්ඩය යටතේයි. ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චමරි අතපත්තු. ශ්රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු තරගයට ලබන 10 වැනිදා එංගලන්ත කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි. දකුණු අප්රිකාව, බංග්ලාදේශය හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද ක්රීඩා කරන්නේ ඒ කාණ්ඩය යටතේයි.