fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජ පවුලේ ගැටුම් අහෝසියි…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 16:55

රජ පවුලේ ගැටුම් අහෝසියි…

බ්‍රිතාන්‍ය රජ පවුලට ලඟදීම තවත් රාජකීය අමුත්තෙක් එක්වීමත නියමිතයි. ඒ මෑතක දී රජ කුමරියක් වූ මෙඝන් මාකල් මවු පදවිය ලැබීමට සුදානම් විමයි. මේ වන විට මේඝන් ගැබිනියක් බව ලොව පුරාම පැතිරී ගිහින්.

 

මේඝන් – හැරී විවාහයත් සමඟ එයට විරුද්ධ වූ මෙඝන්ගේ පියා වන තෝමස් මාකල් ගේ ආශිර්වාදය ඔවුන්ට අහිමි වුණා. එමෙන්ම මෙඝන් රජ කුමරියක වෙද්දී එයට විරුද්ධ වූ අැගේ වැඩිමහල් සොයුරිය වූ සමන්තා මෙකල් ද මේ ආරංචිය ලැබීමෙන් වෙනස් වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලේ සිද්ධ වුණ දේවල් දැන් අහෝසියි. මට අවශ්‍ය දැන් මෙඝන්ගේ සතුට පමණයි යනුවෙන් මේඝන්ගේ සොයුරිය බ්‍රිතාන්‍ය පුවත්පතකට සදහන් කර තිබුණා.

රජ පවුලේ නවතම වාර්තාවලට අනුව සදහන් වන්නේ එළඹෙන වසන්ත සමයේ දරු සුරතල් බැලීමට සූදානම්වන මෙඝන් හා හැරී යුවළ ඉතාමත් සතුටින් මේ දිනවල දිවි ගෙවන බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්