Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට නව රථවාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 16:17

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට නව රථවාහන සැලැස්මක්

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීම සදහා නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමුවුණා.

පසුගිය දින කිහිපයේදී නවදිල්ලි නුවර වායු දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒත් සමග නවදිල්ලි නුවර අහස විෂ දුමාරයෙන් පිරී පැවතුනා. පෞද්ගලික වාහන නගරයට ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. එමෙන්ම අවුරුදු 15 වඩා පැරණි පෙට්‍රල් සහ ඩීසල් වාහන ධාවනය ද තහනම් කිරීමට අධිකරණය නියෝගකර තිබෙනවා. වායු දූෂණය අවම කිරීම සදහා එරට බලධාරීන් පසුගිය කාලය පුරාවටම විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 16:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්