බංගලිදේශයේ හිටපු විපක්ෂ නායිකා කලිඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කර තිබෙනවා. මෙතෙක් වසර පහක්ව පැවති සිරදඩුවම වසර දහයක් දක්වා දීර්ඝ කර ඇති බවයි එරට දූෂණ විරෝධි කොමිසමේ ප්රධානි කුර්ෂීඩ් ඛාන් සඳහන් කළේ. 73 හැවිරිදි කලීඩාෂියා මේ වනවිටත් බන්ධනාගාරගතව පසුවනවා.