13 වන වරටත් සංවිධාන කළ ගුවන් හමුදා ස්කොච් තරගාවලියේ පිරිමි ශූරතාව රවිදු ලක්සිරි දිනා ගත්තා.
එහි කාන්තා ශූරතාව හිමි වූයේ ෆාතිමා ඉසදීන්ටයි. ක්රීඩක ක්රීඩිකාවන් 250 දෙනෙකු එක් වූ මෙවර තරගාවලිය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ස්කොච් ක්රීඩා පිටියේදීයි. වයස් කාණ්ඩ කිහිපයක් යටතේ හා විවෘත මෙන්ම ප්රවීනයින්ගේ තරගද එහිදී පැවැත්වුනා. තරගාවලියේ කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී කසුනි ගුණවර්ධන වට තුනට බිංදුවක් ලෙස පරාජයට පත් කිරීමට ෆාතිමා ඉසදීන් සමත් වුණා. ශමෙල් ෆකීල් වට තුනට එකක් ලෙස පරාජයට පත් කළ රවිදු ලක්සිරි පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තා.