ටයිම්ස් සඟරාව විසින් 2018 වසරේ බලගතුම පුද්ගලයකු ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කර තිබෙනවා.
එම සඟරාව විසින් සෑම අංශයකින්ම බලගතු පුද්ගලයන් නම් කරනු ලබනවා. එලෙස නම් කරන ලද වසරේ බලගතුම පුද්ගලයන් 100දෙනා අතරටයි විරාට් කෝලි එක් කර තිබෙන්නේ.
විරාට් කෝලි බලගතුම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට හේතුව පසුගිය වසරේ ලකුණු 2818ක් ලබාගැනීම සහ සෑම අංශයකින්ම ශතක 11ක් වාර්තා කිරීමයි.
එමෙන්ම විරාට්ගේ නායකත්වයෙන් එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයගත් අතර, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ද ජයගෙන තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/en-news-14233972-Virat-Kohli-44.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Kohli.jpeg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Kohli-blue.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/r371391_1600x800cc.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Virat-Kohli-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/VIRAT_KOHLI1_115581_730x419-m.jpg”]