සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ක්‍රිකට් තරග දෙක සදහා ශ්‍රී ලංකා සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා.
දෙරට අතර පැවති එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලි ජය සංචාරක එංගලන්තය සතු වුණා. කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගගත හැකි බවට ක්‍රිකට් විචාරකයින් මත පළ කර තිබෙනවා. ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පළමුවැනි දෙදින පුහුණු තරගය කොළඹ එන්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී හෙට ආරම්භ වීමට නියමිතයි.
ඊට නම් කර ඇති ශ්‍රී ලංකා සභාපතිවරයාගේ සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළත් වනවා. ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා හා සධීර සමරවික්‍රම ඒ අතර වනවා.
තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඩ ගුවන්විදුලිය යි.