ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN FM හෙට සිට නැවතත් ලක්හඬ ගුවන්විදුලිය බවට පත් වෙයි.
මෙරට ගුවන්විදුලි මාධ්‍ය කලාවට නැවුම් වෙනසක් එක්කරමින් ලක්හඬ ගුවන්විදුලිය ආරම්භ කෙරුණේ 1996 වසරේ නොවැම්බර් 15 වැනිදායි.
අභාවප්‍රාප්ත හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ සමයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්හඬ ආරම්භ කෙරුණා. ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදීන් රැසක් බිහිකරමින් ජනතාවාදී ගමනක නිරතව සිටි ලක්හඬ ගුවන්විදුලිය 2016 වසරේදී ITN FM ලෙස වෙනස් කෙරුණා. හෙට සිට එය යළි ලක්හඬ බවට පත් වන්නේ ජනතාව විද්වතුන් මෙන්ම කලාකරුවන්ගේද පූර්ණ ආශිර්වාදයෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/9YyvYGOmKCA”]
නැවුම් වෙනස්කම් රැසක් සමගින් ලක්හඬ ගුවන්විදුලිය හෙට සිට FM 93.5 සහ 93.7 ඔස්සේ ශ්‍රාවක ජනතාවට ශ්‍රවනය කළ හැකියි.