Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ හා කණ්ඩායම් රැසක සහාය මෛත්‍රී – මහින්ද සුසංයෝගයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 18:17

පක්ෂ හා කණ්ඩායම් රැසක සහාය මෛත්‍රී – මහින්ද සුසංයෝගයට

113 ඉක්ම වූ පුළුල් බහුතර බලයක් සමගින් ජනතාවාදී නව ගමන ඇරඹීමට මෛත්‍රී , මහින්ද එකමුතුවෙන් බිහිවන නව රජය සූදානම්.

අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමත් සමඟ රට පුරා ජනතාව මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ විපක්‍ෂ ජනතා නියෝජිතයන් ද එතුමා වටා එක්රොක් වෙමින් සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අනූහය දෙනාම එකාවන්ව නව රජය වෙනුවෙන් පෙළ ගැසී සිටින අතර එක්සත් ජාතික පක්‍ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් පළමු දිනයේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහායට එක්වුණා. ආරුමුගම් තොන්ඩමන් මහතා ප්‍රමුඛ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද නව රජයට සහාය පළ කරන බවයි තොන්ඩමන් මහතා ඊයේ ප්‍රකාශ කළේ.

අද දිනයේ මහනුවරදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවූ එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ද නව රජයට සහාය පළ කළා.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේ තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් නව අග්‍රාමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා නියෝජනය කරන ඊපීඩීපී සංවිධානය ද නව රජයට සහාය පළ කිරීමට එක්ව සිටිනවා.

මේ අතර සුළු ජාතික කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් තවත් පක්‍ෂ ගණනාවක් ද ඉදිරි දින කිහිපය තුළ නව රජයට සහාය පළ කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම තත්ත්වය යටතේ ජනතා අපේක්‍ෂා ඉටු කළ හැකි පරිදි අතිවිශාල බහුතරයකින් සැදුම් ලත් පුළුල් නව රජයක් ලෙසින් ක්‍රියාත්මක වීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂාවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 18:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්