fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ගත් තීරණාත්මක තින්දුව කලාකරුවන් අගය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 18:00

ජනපති ගත් තීරණාත්මක තින්දුව කලාකරුවන් අගය කරයි

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් රට වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන මැතිතුමා ගත් තීරණාත්මක තින්දුව අගය කරන බව කලාකරුවන් සහ විද්වතුන් පෙන්වා දෙනවා.

ජනාධිපතිතුමා ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල සහ ජනතා ඉල්ලීම මත සුදුසුම ක‍්‍රියාමාර්ගය ගෙන ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා සඳහන් කළේ. මාධ්‍ය හමුවේදී ප‍්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මියද අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම රට ගැන සිතා ගත් වැදගත් තීරණයක් බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ප‍්‍රකාශ කළා. මෙම තීරණය අගය කරන බවයි සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා පවසන්නේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රධාන නව රජයට ආශිර්වාද කරමින් දිවයින පුරා ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. හැටන්, යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව,කතරගම, මාතර, කෑගල්ල ඇතුලු සෑම ප‍්‍රදේශයකම ආගමික වැඩසටහන් පැවැත්වුණා. නව රජයට සුබ පතමින් දිවයින පුරා විශේෂ සැමරුම් උත්සවද දවස පුරා පැවති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්