fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිපාෂාට සුවයි..නැවතත් රංගනයට..

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 15:45

බිපාෂාට සුවයි..නැවතත් රංගනයට..

බිපාෂා බාසු කියන්නේ බොලිවුඩ් සිනමාවේ  හැමෝගෙම මතකයේ රැදුනු  දක්ෂතා පිරැණු සුරූපිනියක්. නමුත් වසර 3කින් පමණ අලුත් චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇය අවසන් වතාවට රඟපෑ චිත්‍රපටය ‘අලෝන්’ එය තිර ගත වූයේ 2015 ජනවාරි මාසයේදී.

2016 දී ඇය ‘දාර් සබ්කෝ ලග්තා හේ’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑවා. එතැනින් පසුව ඇගේ රංගනයන් දැක ගත හැකි වුණේ නැහැ. ජනප්‍රිය නළු කරන් සිං ග්‍රෝවර් සමඟ විවාහ වීමෙන් පසුව එලෙස රංගන ජීවිතයට මඳක් සමුදී සිටි බිපාෂා ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ඉඳහිට අහන්නට ලැබුණා.

පසුගිය දිනවල ඇය යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටියේ නැහැ. ශ්වසන ආබාධයක් හේතුවෙන් ඇයට දින දෙක තුනක් රෝහල් ගතවී සිටින්නට සිදුවූ බවයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට පෙර ඇය එම රෝහලෙන් වරින් වර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. නමුත් එම ප්‍රතිකාර ප්‍රමාණවත් වී නැහැ. ඒ නිසයි ඇය මුම්බායි නුවර පිහිටි එම රෝහලට ඇතුළත් කර ඇත්තේ. ඇගේ සෞඛ්‍ය තත්වය පිරික්සීම ශ්වසන ආබාධ පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු විසින් සිදු කරනු ලැබුවා.

“බිපාෂා ට තිබුණේ එතරම් බරපතළ ආබාධයක් නෙමෙයි. ප්‍රතිකාරවලින් ඇයට ඉක්මන් සුවය ලැබුණා. ඇගේ වෛද්‍ය වාර්තා සාමාන්‍යයි.” බිපාෂා ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පැවසුවා. සුවය ලද බිපාෂා නැවත නිවසට පැමිණියා.

තවත් ටික දිනකින් තම සැමියා සමඟ ලන්ඩන් නුවර වෙත යන්නටයි බිපාෂා බලාපොරොත්තුව සිටින්නේ. ඒ ඇය රඟන අලුත් ම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවනේ. මේ චිත්‍රපටයේ ඇය තම සැමියා සමඟ රඟපෑමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්