වැලිකන්ද ප්රදේශයේ සිදු වු අනතුරකින් පුද්ගලයින් විසි අට දෙනෙකු තුවාල ලැබුවා.
බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටිමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. බස් රථයේ ගමන් කළ මගීන් විසිහය දෙනෙකු අනතුරින් තුවාල ලැබුවා. ඔවුන් වැලිකන්ද රෝහලට ඇතුලත් කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු සහ රිය සහයක ද අනතුරින් බරපතළ තුවාල ලැබුවා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.