fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිතුමාගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 08:40

ජනාධිපතිතුමාගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා අද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සහ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශයක් සිදුකිරිමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේ.

අරලියගහ මන්දිරයේ රැදී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ඉවත් වීම සඳහා පෙරවරු අට දක්වා කාලය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කළේ. ඔහු ඊයේ පස්වරුවේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.

එහෙත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස මේ වනවිටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින බවයි අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්