fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස් අමරසේකර මහතා පත් කෙරෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 15:27

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස් අමරසේකර මහතා පත් කෙරෙයි

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස් අමරසේකර මහතා පත්කර තිබෙනවා. ජනාධිපතිතුමා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරවයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ලේකම්වරයා ලෙස කටයුතු කළ ඊ එම් එස් බී ඒකනායක මහතා එම තනතුරෙන් ඉවත් කිරිමට අදාළ ගැසට් නිවේදනය ද අද පෙරවරුවේ නිකුත් කළා. එය නිකුත්කර තිබුණේ ජනාධිපතිතුමාගේ නියමය පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් ලෙස ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින්.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්