fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනපති තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 13:02

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනපති තීරණය කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව නැවත රැස්වන්නේ ලබන මස 16 වැනිදා බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසන්නේ. ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය මගින් ජනාධිපතිතුමා වෙත හිමිව තිබෙනවා. එම ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාරවයි පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇත්තේ.

මේ අනුව අද දහවල් 12ට 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසිවාරය අවසන් වුණා.

උසස් නිලතල පාර්ලිමේන්තු කාරක සභාව හැර අනෙකුත් තේරීම් කාරක සභා ද නව සැසිවාරය ආරම්භයේ දී නැවත පත්කළ යුතුයි. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ ගැසට් පත්‍රය ද අද දහවල් නිකුත්වීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්