fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන් භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් නිලධාරියෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:15

රන් භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් නිලධාරියෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ මදුරේ සිට කටුණායකට පියාසර කළ යූ එල් 138 දරණ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය ගමන් මල්ලේ සඟවා රැගෙන ආ කිලෝග්‍රෑම් 4 ක රත්තරන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායෙහි වටිනාකම රුපියල් දෙකෝටි තිස් දෙලක්ෂයක් වන බවයි රේගුව සදහන් කරන්නේ.

මේ අතර චෙන්නායි සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි බලා ගමන් කිරීමට පැමිණි සැකකරුවෙකු ළඟ තිබී රුපියල් එක්කෝටි පනස්තුන් ලක්ෂයක් පමණ වන විදේශ මුදල් තොගයක් සොයා ගත්තා. වයස අවුරුදු 29 ක් වන මෙම ඉන්දීය ජාතිකයා ගෙන ආ විදෙස් මුදල් රාජසන්තක කළ බවයි රේගුව ප්‍රකාශ කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්