fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරමී කෙන්යාවේ පුහුණුවට; මාසිකව රු.25,000ක දීමනාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 18:17

පාරමී කෙන්යාවේ පුහුණුවට; මාසිකව රු.25,000ක දීමනාවක්

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්තිට අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් පසුව ඇයට මළල ක්‍රීඩා පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඇයට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානයක් ප්‍රදානය කිරීම සිදුවුණා.

දුෂ්කරතා මධ්‍යයේ මෙවැනි දක්ෂතා දැක්විය හැකි සිසු දරුවන් සිටීම මුඵ රටටම ආඩම්බරයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයට ලබා දෙන සුභාග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යන තුරු මාසිකව රු.25,000ක් බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද කියාසිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්