fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල්ට අධිකරණයෙන් සිහි කැඳවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 15:03

නාමල්ට අධිකරණයෙන් සිහි කැඳවීමක්

රුපියල් මිලියන 70ක් අව භාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නීතිපති උපදෙස් සදහා සිහි කැදවීමක් යොමු කරන ලෙස අධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියයි නියෝගය නිකුත් කළේ. කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේ දී මෙම මුල්‍ය අක්‍රමිකතාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ අද යලි පෙනී සිටියා. ඔහුට අද සිට ලබන වසරේ මාර්තු 29 වනදා දක්වා විදේශ ගත වීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා. එදිනට නඩුව යළි කැදවීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්