වික්‍රමාන්විත සංචාරක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය 57 ආරම්භකර ඇතැයි අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා පවසනවා.
කුකුලේ ගඟ, වික්‍රමාන්විත සංචාරක ක්‍රීඩා ආයතන හිමිකරුවන් හා පුහුණුකරුවන් සඳහා වැඩමුළුවක් පැවැත්වුණා. මෙම ක්‍රීඩා පුහුණුකරුවන් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. එමෙන්ම ඇතැම් ක්‍රීඩා සඳහා පළඳින උපකරණ නිසි ප්‍රමිතියකට නැහැ. මෙම අඩුපාඩු සකස් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට ක්‍රීඩා බලපත්‍ර නිකුත් කරන ආයතනයේ සභාපති ජී එම් ප්‍රියදර්ශන හා සංචාරක ක්‍රීඩා පුහුණු පාසලේ විධායක පුහුණු නිලධාරී මහේෂ් ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.