මිනිස් වෙළෙදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතනවලට එරෙහිව දැඩි නීති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 14:10

මිනිස් වෙළෙදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතනවලට එරෙහිව දැඩි නීති

මිනිස් වෙළෙදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතනවලට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන ලෙස විදේශ රැකියා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් චක‍්‍රලේඛ මගින් බලපත‍්‍රලාභී නියෝජිතායතන දැනුවත් කර ඇති බවයි කාර්යාංශය සදහන් කළේ. එවැනි මිනිස් වෙළෙදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතනවල බලපත‍්‍ර අවලංගු කිරිමටයි තීරණය කර තිබෙන්නේ. මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණිලි 29ක් ලැබී තිබෙනවා. ඉන් 12 ක් අපරාධ විමර්ෂණ ඒකකයට යොමුකර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 14:10

Default