එච්. එම්. කුඩලිගම ගුණානුස්මරණය අද…
Related Articles
කොළඹ යුගයේ කවියෙකු වන එච්.එම්. කුඩලිගම සිය වැනි ගුණානුස්මරණය අද සවස 3. 30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
එච්.එම් කුඩලිගම ගුණානුස්මරණ පදනම සංවිධාන කරන මෙහි ප්‍රධාන ආරාධිතයා වන්නේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතායි. මහාචාර්ය දර්ශන රත්නායක හා මහාචාර්ය සරච්චන්ද්‍ර රණසිංහ විසින් දේශන ද පවත්වනවා.
කුඩලිගමයන් විසින් රචිත ගී ගායනය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙන් වන අතර උළෙල මෙහෙයවීම වජිර ජයවර්ධන විසින් සිදු කිරීමට නියමිතයි.