Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 විවාහක ලක් රූ රැජින කිරුළ සුමුදු ප්‍රසාදිනිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 11:40

2018 විවාහක ලක් රූ රැජින කිරුළ සුමුදු ප්‍රසාදිනිට

2018 විවාහක ලක් රූ රුජින තරගය පසුගියදා නිමාවට පත්වූයේ එහි ජයග්‍රාහී කිරුළ සුමුදු ප්‍රසාදිනිට හිමිකර දෙමින්. සුමුදු මේ දිනවල සූදානම වෙන්නේ 2019 ජනවාරියේ චීනයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වෙන්නටයි.

තරඟය සංවිධානය කර තිබුණේ චන්දිමාල් ජයසිංහ විසිනුයි. මෙය තරඟ වට කිහිපයක් යටතේ සංවිධානය කර තිබුණා. අවසන් වටයට තේරී පත්වුණ තරඟකාරිනියන් 12 අතර උණුසුම් තරඟකාරීත්වයක් දැකගන්නට තිබුණත් එය අවසන් වුණේ සුරූපි සුමුදුට කිරුළ හිමි කර දෙමින්.

කිරුළ දිනු සුමුදු සිය ජයග්‍රහනය ගැන කතා කළේ මෙවන් අදහසක්.

ඇත්තම කියනවා නම් මුලදී මම ඔය තරගයට යන්න අකමැති වුණා. පුතා (අඛිල) ට දැන් අවුරුදු 2 1/2යි. පුතා ඉපදුනාට පස්සේ මට අඩුම තරමින් සැලොන් යන එක ගැන තිබුණු උනන්දුව පවා ටිකක් අඩුවුණා මොකද මම පුතා වෙනුවෙන්ම කැපවෙලයි හිටියේ. මිථිල (සැමියා) තමයි මාව තරගයට යවන්න උනන්දු කළේ. මම තරඟයට අයදුම් කළෙත් පළමු පරීක්ෂණයට කලින් දවසේ.

ජයග්‍රහනය ගැන ලොකු සතුටක් දැනෙනවා. 2019 ජනවාරි 11 වැනිදා පැවැත්වෙන ලෝක විවාහක රූ රුජින තරගයට සහභාගි වීම සඳහා ලබන ජනවාරියේ මම චීනයට යා යුතුයි. එ්ක මට ලොකු වගකීමක්. මේ දවස්වල මම වෙහෙසෙන්නේ එ් වෙනුවෙන්.කිරුළ හිමිවීමත් සමග ගොඩක් අය මට කතා කරලා සුබ පැතුවා එ් ගැන ගොඩක් සතුටුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 11:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්