WWE ලෝක ශූර රෝමන් රෙයින් සමු ගනියි..
Related Articles
රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්රීඩාවක්. ජෝන් සීනා, අන්ඩර්ටේකර් , බ්රොක් ලෙස්නර් වගේ මල්ලව පොර ශූරයන්ට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. ඒ අතරින් රෝමන් රෙයින් කියන්නේ තවත් අතිදක්ෂ ක්රීඩකයෙක්.
රෝමන් ගෙ මුල් නම ජෝ අනෝයි . හැබැයි ඔහු වෘත්තීය මල්ලවපොර ශූරයෙක් වුණාට පස්සේ ඔහුගේ නම රෝමන් රෙයින් කියලා වෙනස් කරගෙන තිබෙනවා. කඩවසම් රූපකායක් එක්ක හරි හරියට ක්රීඩා කරන රෝමන් රෙයින්ට ආදරය කරන රසික රසිකාවියන් ලෝකය පුරාම විහිදිලා ඉන්නවා. නමුත් රෝමන් රෙයින් ගැන දුක්මුසු පුවතක් පසුගිය 22වැනිදා වාර්තා වුණා. ඒ ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බවයි.
තවමත් 33 හැවිරිදි වියෙහි පසුවන රෝමන් රෙයින් 22වැනිදා පැවති WWE තරඟය ආරම්භ වීමට කළින් තමන්ගේ රෝගී තත්වය පිළිබඳව පැහැදිලි කළා. ඒ සමඟින් ම ඔහු ටික කළකට රෙස්ලින් පිටියෙන් සමු ගන්නා බව පැවසුවා.
” මීට වසර 11ට කළින් මට ලියුකේමියාව හැදුණා. ඒක සුව වෙලා තිබුණත් දැන් ආපහු රෝගය මතු වෙලා. ඒ නිසා මම ක්රීඩාවෙන් සමු ගන්න ඕනේ. හැබැයි මම ආපහු එනවා. වෙනදා වගේම සෙල්ලම් කරනවා.”
හඬා වැටෙන ප්රේක්ෂකයන් ගේ විවිධ ප්රතිචාර මැද ඔහු පැවසුවේ එහෙම දෙයක්.