fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ගැන දැනගන්න දුරකථන අංකයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:20

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ගැන දැනගන්න දුරකථන අංකයක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය යෝජනා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු සියලු සේවා සදහා 1925 සෘජු දුරකතන අංකය හදුන්වාදී තිබෙනවා.

භාෂා තුනෙන්ම ක්‍රියාත්මක මෙම දුරකතන සේවය වෙත ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ නොමිලේ ඇමතුම් ලබා ගත හැකියි.  මෙම අංකය වෙත ලැබෙන පැමිණිලි විද්‍යුත් තැපෑල මගින් අදාළ බැංකු   වෙත යොමු කරනවා. අනතුරුව එහි පිටපතක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද යොමු කෙරෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ දෛනිකව ලැබෙන එම පැමිණිලි සම්බන්ධයෙන් පසු විමසුමක් සිදු  කෙරෙන බවයි. මාර්තු මාසයේ  ඇරඹුන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමයි. මෙමගින්  ව්‍යාපාර ක්‍ෂේත්‍ර 16 කට සහන පොලී පදනමින් ණය ලබා දෙනවා. මේ වන විට පුද්ගලයන් සහ ව්‍යවසායකයන් 29389  දෙනෙකුට රුපියල් මිලියන 58817 ක මුදලක් ලබා දී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo