fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වාධීන කොමිසන් සභා ධුර කාල දීර්ඝ කිරීමට අවධානය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:05

ස්වාධීන කොමිසන් සභා ධුර කාල දීර්ඝ කිරීමට අවධානය

කාර්යක්ෂමව ක්‍රියාත්මක ස්වාධීන කොමිසන් සභාවල කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු වුණා.

ඒ අනුව කොමිසන් සභා සාමාජිකයන්ගේ වයස් සීමාව අවුරුදු 80 තෙක් වැඩිකිරීමට නියමිතයි. ජනාධිපතිතුමා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සදහන් කරන්නේ. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සභාව රැස්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු සදහා විනිශ්චයකාරවරුන් පත්කිරීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ද විනිසුරුවරුන් දෙදෙනෙකු සදහා අනුමැතිය ලබා දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්