fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හානි පූර්ණ – කාර්යාල පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 13:59

හානි පූර්ණ – කාර්යාල පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද අත්සන් තබා තිබෙනවා. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණේ පසුගියදා (10)වනදායි.

පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියාසිටියේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

“උතුරේ පමණක් නොව දකුණේද අතුරුදහන්වූවන් වාර්තා වී ඇත. ඒ පිළිබඳව හානිපූර්ණය කළ යුතුව තිබේ. අදාළ පාර්ශව සඳහා සහන සැලසීමට ක්‍රියා කළ යුතුව ඇත. මෙම කාර්යාලය මඟින් ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, හා ඒවයේ ප්‍රගතිය වාර්තා කිරීම සිදු කරයි” මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය හතරදෙනෙකුගෙන් සමන්විත වන බවද අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්