මත් කුඩු ජාවාරම්කරුවකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා සහ තවත් අයෙකුට එරෙහිව නීතිපතිවරයා මුදල් විශුද්ධීකරණය වැළක්වීමේ පනත යටතේ නව අධිචෝදනා පත්‍රයක් කොළඹ මහාධිකරණයේ ගොනු කළා.
ඒ 2011 වර්ෂයේ දෙසැම්බර් සහ 2012 වර්ෂයේ දෙසැම්බර් අතර වර්ෂයක කාලයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගත් රුපියල් මිලියන 31 ට අධික මුදලක් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයයෙනි.
මෙම නඩුව අද දින මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ වෙලේ සුදා දැනට වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වී ඇති බැවින් අද ඇප ඉල්ලීමක් කෙරුණේ නැහැ.
කෙසේවෙතත් අනෙක් විත්තිකරු වන සමීර උදාර නැමැත්තා ඇප මත මුදාහැරීමට මහාධිකරනය නියෝග කළා. විත්තිකරුවන්ට අධි චෝදනා භාර දී තිබෙනවා. නඩුව දෙසැම්බර් 5 දා විභාගයට ගැනීමට දින නියම කෙරුණා .