fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් කොටගල නගරයේත් කඩ වසා කළු කොඩි ඔසවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 12:22

හැටන් කොටගල නගරයේත් කඩ වසා කළු කොඩි ඔසවයි

කොටගල නගරයේ සියළුම වෙලදසැල් අද(25) උදැසන සිට වසා දමා කළු කොඩි ඔසවා තිබෙනු දක්නට ලැබුණා. ඒ වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමටයි. කොටගල වෙළදසංගමයයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ.

හැටන් කොටගල අවට තේ වතු වල වතු කම්කරුවන් සහ කොටගල නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ කොටගල නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්, වැන් රථ හිමියන් ඇතුළු සියළු දෙනා එක් වී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වයි.

මෙම උද්ඝෝෂණයට සමගාමිව හැටන් නොර්වුඩ් නගරයේද උද්ඝෝෂණයක් පැවැත් වු අතර නොර්වුඩ් නගරයේද වෙලදසැල් කළු කොඩි ඔසවා වසා දමා තිබුණා.

වතු සමාගම් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැනට ගෙවන රු 530ක වැටුප රු 600 දක්වා පමණක් වැඩි කළ හැකි බවයි. එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්