දිවයින පුරා විසිරී සිටින නෙට්බෝල් පුහුණුකරුවන් හා විනිසුරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ජාතික නෙට්බෝල් සංගමය ආරම්භ කර තිබෙනවා.
ජාතික නෙට්බෝල් සම්මේලනය පවත්වන තරග හා කාර්යන් සදහා පුහුණුකරුවන් හා විනිසුරුවන් කැදවීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා විසීරී සිටින නෙට්බෝල් පුහුණුකරුවන් හා විනිසුරුවන් ලියා පදිංචි කිරීමට ජාතික නෙට්බෝල් සංගමය තීරණය කර තිබෙනවා. එම ලියාපදිංචි කිරීම සදහා අයැදුම්පත් ජාතික නෙට්බෝල් සංගමය වෙත යොමුකළ යුතුයි. ලියා පදිංචි කිරීමේ කටයුතු ලබන මස 10 වනදා අවසන් වන බව ජාතික නෙට්බෝල් සංගමය නිවේදනය කරනවා.