fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 15:08

පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ සැලැස්මක්

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සඳහා පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කෙරෙනවා. ඒ අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් වැඩි කිරිමේ අරමුණින්. ඒ සඳහා පළාලි ගුවන් තොටුපල යොදා ගැනීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ගුවන් තොටුපල සංවර්ධනය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 1965ක්. ඒ සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග හා නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවකටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්