fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේඟී මාර්ගය දෙපස පැළ ලක්ෂයක් සිටුවීමේ සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 14:53

දක්ෂිණ අධිවේඟී මාර්ගය දෙපස පැළ ලක්ෂයක් සිටුවීමේ සැලැස්මක්

දක්ෂිණ අධිවේඟී මාර්ගයේ දෙපස හරිත කලාප ඇති කිරීමේ තවත් වැඩසටහනක් ලබන ඉරිදා පැවැත්වෙනවා.

ඒ කහතුඩුව ප‍්‍රදේශයේදී. අධිවේඟී මාර්ගය දෙපස පැළ ලක්ෂයක් සිටුවීමයි අපේක්ෂාව. විවිධ ආයතනවල සහාය ඒ සඳහා හිමිව ඇති බවයි අධිවේඟී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමණාකරන සහ පාරිසරික අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ. අධිවේඟී මාර්ගයේ රථ වාහන ධාවනයේදී කාබන් ඩයොක්සයිඩ් අධික ලෙස නිකුත් වනවා. ඒවා අවශෝෂණය කරගෙන වායුගෝලයට මුදාහැරෙන ඔක්සිජන් ප‍්‍රතිශතය වැඩි කිරිම හරිත කලාප බිහිකිරිමේ අරමුණක්. අනතුරු අවම කර ගැනිමට ද හරිත කලාප ඉවහල් විය හැකි බවයි මාන්නප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්