fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙස්පොට් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 12:40

ඩෙස්පොට් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

නායයාමක් හේතුවෙන් ඇනහිට තිබූ නානු ඔය , ඩෙස්පොට් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කෙරුණා.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නානු ඔය , ඩෙස්පොට් මාර්ගයේ 118 වන සැතපුම් කණුව අසල සිදුවූ නායයාමෙන් මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම ඇනහිටියා. ඒ හේතුවෙන් නුවරඑළිය , තලවාකැලේ , ඩයගම ආදී ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල වුණා. මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කිරීමෙන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළා. කෙසේ වෙතත් වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බැවින් හැටන් නුවරඑළිය , හැටන් කොළඹ මාර්ගවල නායයාමේ අවධානම තවදුරටත් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්