fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි ආයෝජන සමුළුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්?

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 12:55

සෞදි ආයෝජන සමුළුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්?

සෞදියේ  ‘ඩාවෝස් ඉන් ද ඩෙසර්ට්’ ආයෝජන සමුළුව වෙනුවෙන් පවත්වාගෙන ගිය වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝක්ජිගේ ඝාතනයට විරෝධය පළ කරමින් එම හැකර් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

මේ අනුව අනවසරයෙන් වෙබ් අඩවියට පිවිසි හැකර්කරුවන් ඔටුන්න හිමි කුමරුගේ රුවක් විකෘති කර පළ කර තිබෙනවා.

සෞදියේ ඔටුන්න හිමි කුමරු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ හිස ගසා දමන ඝාතකයකු ලෙස පෙනෙන ආකාරයෙන් එම ඡායාරූපය සංස්කරණය කර වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

සල්මාන් කුමරු මාධ්‍යවේදී ජමාල්ගේ හිස ගසා දමන්නට සැරසෙන ආකාරය එම ඡායාරූපයේ දැක්වෙනවා.

මේ සයිබර් ප්‍රහාරයට වග කිව යුත්තන් කවුද යන්න තවමත් සොයාගෙන නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්