පස්වන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
Related Articles
එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ දරුණුම පරාජය අත්කර දෙමින් පස්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් ක්‍රමයට ලකුණු 219ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින්.
කාසිය වාසිය හිමිකරගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුළු හයකට ලකුණු 366ක් රැස්කළා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 95යි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 56ක්. සධීර සමරවික්‍රම ලකුණු 54ක් ලබා ගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දුවකදී කඩුළු නවයකට ලකුණු 132ක් ලබා සිටියදී වර්ෂාවෙන් තරඟයට බාධා මතුවුණා. ඒ අනූවයි ඩක්වත් ලුවිස් ක්‍රමයට ජය පරාජය තීරණය කිරීමට තරගයේ විනිසුරුවන් තීරණය කළේ. එංගලන්ත පිළ වෙනුවෙන් බෙන් ස්ටොක්ස් ලකුණු 67ක් රැස්කළා. පන්දු යැවිමේදි අකිල ධනංජය කඩුළු හතරක් සහ දුෂ්මන්ත චමිර කඩුළු තුනක් බිඳ හෙළුවා. නිරෝෂන් දික්වැල්ල තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. තම කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය ගැන සෑහිමකට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිළ අතර පන්දුවාර විස්ස තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. තරගයේ පන්දුවෙන් පන්දුවට සජීවී තොරතුරු ගෙන ඒමට නිල ගුවන් විදුලිය ලෙස අයිටිඑන් එෆ්එම් සූදානම්.