Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ අවට සැහැල්ලු දුම්රිය පද්ධතියකට සමාගම් 17 ක එකඟතාව

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 10:08

කොළඹ අවට සැහැල්ලු දුම්රිය පද්ධතියකට සමාගම් 17 ක එකඟතාව

කොළඹ අවට පොදු ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් හඳුන්වා දීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා දුම්රිය මාර්ග 7 ක් මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් මාර්ගයක් ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමටයි කටයුතුකර තිබෙන්නේ. එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදුකර අවසන්. අනෙකුත් මාර්ග හයේ ඉදිකිරීම් පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්කර තිබෙන්නේ. විදේශීය සමාගම් 17 ක් මේ සදහා කැමැත්ත පළකර තිබෙනවා. රාගම සිට කිරුලපන දක්වාත් , කැලණිය සිට මොරටුව දක්වාත් , හුනුපිටිය සිට කොට්ටාව දක්වාත් දුම්රිය මාර්ග ඉදිකෙරෙනු ඇති. මේ හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට මාර්ග තදබදයෙන් මිදී කාර්යක්ෂමව ගමනා ගමන කටයුතු සිදුකරගත හැකි බවයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 10:08
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්