ආර් ප්‍රේමදාසයේ ශ්‍රී ලංකාව ලබා ගත් වැඩිම ලකුණු අද
Related Articles
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 366ක් ලබා ගත්තා.
ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ වෙනස්කම් දෙකක් සහිතවයි. ලසිත් මාලිංගට හා අමිල අපෝන්සුට කණ්ඩායමේ ස්ථාන අහිමිවුණා. දුෂ්මන්ත චමීර හා ලක්ෂාන් සදකැන් ඒ වෙනුවට තරගයට කැදවා තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ඔයින් මෝගන් ද අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.
තරගය ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ලකළා. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සිය අටවන එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 95ක් රැස් කළා. සධීර සමරවික්‍රම ඔහුට අනගි සහායක් ලබා දෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් ලකුනු 54ක් රැස් කළා. නායක දිනේෂ් චන්දිමාල් සිය 22 වන එක්දින අර්ධ ශතකය ලබා ගත්තේ ලකුනු 80ක් ඉනිමට එක් කරමින්.
සිය 12 වන එක්දින අර්ධ ශතකය රැස්කළ කුසල් මෙන්ඩිස් ලකුනු 56ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් හතර දෙනාම අර්ධ ශතක රැස් කළේ කලකට පසුවයි. මේ අනුව මෙම ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව එක් දින තරගයක රැස් කළ වැඩිම ලකුනු සංඛ්‍යාව අද වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනෙනවා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන් විදුලි තොරතුරු ගෙන එන්නේ අයිටීඑන් එෆ් එම්. එහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පළමුවරට සිංහල විස්තර විචාරයට අද එක්වුණා.