fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රීපාද විද්‍යා පීඨයේ ආහාර විෂවීම ගැන සෙවීමට පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 17:26

ශ‍්‍රීපාද විද්‍යා පීඨයේ ආහාර විෂවීම ගැන සෙවීමට පරීක්ෂණයක්

ශ‍්‍රීපාද විද්‍යා පීඨයේ ආහාර විෂවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ෂණය සඳහා පැමිණ ඇති බවයි කොටගල සෞඛ්‍ය අධිකාරී එම් ගනේෂ් මහතා සඳහන් කළේ. ඊයේ රාත‍්‍රී ආහාරය සඳහා ලබා දුන් කුකුල් මස් ව්‍යාංජනයක් ආහාරයට ගත් සිසුන් 12 දෙනෙකු සහ සිසුවියන් 58 දෙනෙකු කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගත්තේ. ඉන් 65 දෙනෙකු ප‍්‍රතිකාර ලබා පිටවගොස් තිබෙනවා. තවත් පස් දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 17:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්