fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආහාර විෂවීමෙන් ශ්‍රීපාද විද්‍යාපීඨ සිසුන් 60 ක් රෝහලේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 11:57

ආහාර විෂවීමෙන් ශ්‍රීපාද විද්‍යාපීඨ සිසුන් 60 ක් රෝහලේ

ආහාර විෂවීමක් හේතුවෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ සිසු සිසුවියන් හැට දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.

කුකුළු මස් සමඟ බත් ආහාරයට ගැනීමෙන් අනතුරුව අද උදෑසන සිට රෝගාතුර වූ බවයි මෙම සිසුන් පවසන්නේ. පාචනය, ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ මතුවීමත් සමග සිසුන් පිරිස රෝහල්ගත කර සිටින බවයි කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සාවිත්‍රි ෂර්මා මහත්මිය පවසන්නේ. සිසුවියන් 58 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු ඊට අයත්. තවත් පිරිසක් රෝහල්ගත කිරීමට නියමිත බව කොටගල සෞඛ්‍ය අධිකාරී එම් ගනේෂ් මහතා පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්