fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවසන් එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සුදානමකින්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:58

අවසන් එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සුදානමකින්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොද සුදානමකින් පසුවන බව නිරෝෂන් දික්වැල්ල පවසනවා.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ එංගලන්තයයි. මේ අනුව අවසන් එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායට ඉතා වැදගත් වනවා. මෙම තරගයේදී තුන් ඉරියව්වෙන්ම ක්‍රීඩකයින් දක්ෂතා දැක්වීම අත්‍යවශ්‍ය කරුණක්. හතරවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකත්වයක් පෙන්නුම් කළා. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස අද අවසන් එක්දින තරගය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයටයි. ඒ සදහා පෙරහුරු තරගයක් ලෙස මෙම තරගය යොදා ගැනීම කණ්ඩායමේ සැලැස්ම වී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීවීව ගුවන් විදුලි තොරතුරු ගෙන එන්නේ අයිටීඑන් එෆ් එම්.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්